Sunday, October 27, 2024
Follow Us
75 වන නිදහස් සැමරුම් විශේෂ ආගමික වතාවත් ජනපති ප්‍රධානත්වයෙන් මහනුවරදී
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
 
75 වන ජාතික නිදහස් දින සැමරුම් ආගමික වතාවත් ආරම්භ කරමින් ශ්රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පිළියෙල කර තිබූ විශේෂ පූජාවට ද ජනාධිපතිවරයා සහභාගි විය.
මේ අතර වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ පැවැති 75 වන නිදහස් දින සැමරුම් පිරිත් පිංකම සඳහා ද සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.
අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්ය දොඩම්පහළ චන්දසිරි මහා නා හිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙන් මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබිණි.
පිරිත් මණ්ඩපය වෙත සධාතුක කරඬු වහන්සේ වැඩම කරවූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දැහැත් වට්ටි පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත සඳහා ආරාධනා කළේය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක, මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ යන මහත්වරු ඇතුළු මහනුවර දිස්ත්රික්කයේ මහජන නියෝජිතයන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර වික්ටෝරියා වේල්ල පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සංචාරක ආකර්ශණය දිනාගත හැකි අන්දමින් එම පරිශ්රය සංවර්ධනය කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.