Sunday, October 27, 2024
Follow Us
පළාත් සභා මට්ටමෙන් විදේශ රැකියා ඉලක්ක කර ගත් පාඨමාලා

පළාත් සභා මට්ටමෙන් විදේශ රැකියා ඉලක්ක කර ගත් සාත්තු සේවා පාඨමාලා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය පසුගියදා උතුරුමැද පළාත් සභාවෙන් ආරම්භ කෙරිණි.

ඒ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මුලිකත්වයෙන් හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ සහභාගිත්වයෙනි.

පළාත් සභා සතු සම්පත් උපයෝගී කර ගනිමින්, විදේශ රැකියා ඉලක්ක කර ගත් පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා වන පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සියලු පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභාවල ඉහළ නිලධාරීන් පියවර ගෙන තිබේ.

නියමු ව්‍යාපෘතියේ උපයෝගීතාවත්, සාර්ථක අසාර්ථක භාවයත් සලකා බැලීමෙන් අනතුරු ව සියලු පළාත් සභා මට්ටමෙන් එය ආරම්භ කිරීමට නියමිතයි.