Sunday, October 27, 2024
Follow Us
ඉන්දියානු රජයේ ණය යටතේ රජයේ ගොඩනැගිලි රැසකට සූර්යය පැනල

පුනර්ජනනීය බලශක්තිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ඉන්දියානු රජයේ ණය යටතේ රජයේ ගොඩනැගිලි රැසකට සූර්යය පැනල ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ ජාතික පාසල් 374කට, රාජ්‍ය විශ්වවිද්‍යාල 25කට, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20කට, ගුරු අභ්‍යාස විද්‍යාල 8කට, කාර්මික විද්‍යාල 20කට (VTA/NAITA), දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25කට, ලේකම් කාර්යාල 331කට, ITDLH අධ්‍යාපන මධ්‍යස්ථාන 79කට, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ගොඩනැගිලි 220කට, පිරිවෙන් 824කට, අනෙකුත් ආගමික ආයතන 9176කට කිලෝවොට් 5ක පද්ධතිය බැගින් සහ ව්‍යාපෘති ස්ථාන 11,219ක් දක්වා වූ අනෙකුත් ප්‍රධාන රජයේ ගොඩනැගිලි සඳහා වහල මුදුනේ සූර්ය පැනල ලබා දීමට කටයුතු සම්පාදනය වන බවයි.

ඊට අදාළව ස්ථාන 827 ක් දැනටමත් සමීක්ෂණය කර ඇති බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.