Sunday, October 27, 2024
Follow Us
වනාන්තර ගැටලු නිරාකරණයට වැඩසටහනක්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම පාහේ පොදුවේ බලපාන අතර මූලික අදියර ලෙස වනාන්තර බහුලව පවතින සහ යුධමය වතාවරණය පැවති දිස්ත්‍රික්කවල එනම්, යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර තුළ දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිව සිටින හෝ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටින ජනතාවගේ ගැටලු වසර ගණනාවක සිට සාකච්ඡා කරන නමුත්, ඒ සඳහා මේ වන තෙක් ස්ථිර විසඳුම් ලබා දී නොමැත.

එකී ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නියමිත දින වකවානු සහිතව වැඩසටහනක් සකස් කර තිබේ.