Sunday, October 27, 2024
Follow Us
නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුකාගාර භූමියේ සංරක්ෂණයට

නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනා වූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහවිහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගිය දා මහනුවර එම ස්ථාන වෙත ගියහ.

අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ , පේරාදණිය ගැටඹේ රාජෝපවනාරාමයේ හි වත්මන් විහාරාධිපතිධූරය දරන අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව අනුශාසනා ලබා ගත්හ. මේ වනවිට එම විහාරස්ථානයන් හි ඉඩකඩ සීමා සහිත වන බැවින් ද බෝගම්බර බන්ධනාගාර භූමියේ නව ඉදිකිරීම් හි අවසාන සැලසුම් සකස් වී නොැමැති බැවින් ද පහසුවෙන් ජනතාවට නැඳුන්ගමුවේ හස්තිරාජයා දැකබලා ගැනීමට ඉඩ සලසමින් ජාතික කෞතුකාගාර භූමියේ මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට අමාත්‍යවරයා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තීරණය කළේය.