Sunday, October 27, 2024
Follow Us
ඕස්ට්‍රේලියා වාර්තාව අනුව වැරදි ඇත්නම් අනිවාර්යයෙන් තිරණ ගන්නවා - ක්‍රීඩා ඇමැති

ඕස්ට්‍රේලියාවේ දී පැවති 2022 අයි.සී.සී. ටී 20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතු වූ විවිධ චෝදනාවන් ද "බෝන් අගේන්" ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන බලපෑම ද පරික්ෂා කිරීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොශාන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියා වාර්තාව පරික්ෂා කර බලා වැරදි සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගන්නා බවයි.

2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන ලද ඔස්ට්‍රේලියා වාර්තාව සම්බන්දයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පහත ආකාරයේ අදහසක් ඉදිරිපත් කරනු ලැබීය.

"ඕස්ට්‍රේලියා වාර්තාව මට ලැබුණා. නමුත් මම වයඹ පළාතේ, උතුරු පළාතේ , උතුරු මැද පළාතේ වැඩ කටයුතුවල නිරත වෙලා හිටියේ. ඉතින් මම මේ වාර්තාව වෙන කෙනෙකුගෙන් උපදෙස් නොගෙන, මම ම කියවලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වැරදි සිදුවෙලා තියෙනවනම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් තීරණ ගන්නවා."
මේ පිලිබදව අදහස් දැක් වූ ඒ මහතා තවදුරටත් කියා සිටියේ එහි නිර්දේශයන් හා නිගමනයන්ට අනුව ඉදිරියේ දී ක්‍රීඩාවේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙනුත් ක්‍රීඩකයින්ගේ දියුණුව හා අනාගතය වෙනුවෙනුත් ක්‍රියා කිරීමට, කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.