Sunday, October 27, 2024
Follow Us
සීගිරිය මත සිට හිරු උදාවේ ආශ්වාදය විඳින්න පැමිණෙන්න

ඓතිහාසික ලෝක උරුමය සීගිරිය ශිකරය මත සිට සොබාව සෞන්දර්යයේ විශ්මිත දසුන් නරඹන්නට ලැබෙන ඒ දුලබ අවස්ථාව 2023.01.14 සිට ඔබට ලබා දී තිබේ.

මුළු මහත් ලෝකයේම ආකර්ශණය දිනාගත් සීගිරිය දෙස් විදෙස් සියලු සංචාරකයන් සඳහා උදෑසන 5.30 සිට ප්‍රවේශපත් නිකුත් කරන අතර රාත්‍රී 9.00 දක්වා සීගිරිය මත සිට දසුන් නැරඹීමේ අවස්ථාව හිමි වේ.

සංචාරක ආකර්ෂණය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා මෙවැනි අවස්ථාවන් සලසා දීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි.


දේශීය විදේශීය සංචාරයින් උදෙසා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස සීගිරිය ප්‍රවර්ධය කිරීමට මෙමගින් මනා පිටුබලයක් ලැබේ.


එසේම විදේශිකයන්ගේ ආකර්ශණය දිනාගත් තවත් සිථාන නැරඹීමට මෙවැනි අවස්ථාවන් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ද සීගිරිය මත හිරු උදාව නැරඹීමට පැමිණි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.