Sunday, October 27, 2024
Follow Us
පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට අරමුදලක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විවිධ රටවල සේවයේ නියුතු විගමනික ප්‍රජාව, රැකියාව නිමවා මෙරටට පැමිණි අය සහ සියලුම විගමනිකයන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් කාර්යංශය විසින් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලබයි.

 

එයට අමතරව, කාර්යාංශයේ සුබසාධන අංශය මගින් “පිළිකා රෝගීන් සඳහා ඖෂධ සැපයීම” යන ව්‍යාපෘතිය රට තුළ දැනට පවතින ඖෂධ හිගය හේතුකොටගෙන 2023 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා කාර්යංශයේ පැවැත්විණි.

හඳුනා ගන්නා විගමනික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ රෝගී තත්ත්වයන්ට සහනයක් වශයෙන් අවශ්‍ය ඖෂධ ලබාදීමට අවශ්‍ය අරමුදල් සපයා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකල, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් අනුව, එම රෝගී තත්ත්වයෙන් පෙළෙන සියලුම රෝගීන් සඳහා “පිළිකා රෝගයට අවශ්‍ය ඖෂධ සැපයීමේ” අරමුදලක් පිහිටුවමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධික්ෂණයෙන් යුතුව අදාළ අරමුදල සඳහා දායක වීමට කාර්යංශය මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දැනුම් දී ඇත.

මෙම නව ව්‍යාපෘතියට විශේෂව පවතින ගිණුම සඳහා රුපියල් මිලියන 500 ලබාදීම ඉලක්කය වන අතර, එහි පළමු තැන්පතුව ලෙස රුපියල් මිලියන 100 මුදලක්, මෙතෙක් විදේශ රැකියා සඳහා කාර්යංශ ලියාපදිංචිය ලබා ගනිමින් යොමුවන ලද සියලුම විගමනික ප්‍රජාවගේ දායකත්වය නියෝජනය කරමින් ලබාදීමට කාර්යංශ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද ලබා දී ඇත.

මෙහිදී අදාළ අරමුදලට අවශ්‍ය රුපියල් මිලියන 400ක මුදල විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ සියලුම පාර්ශවයන්ගේ දායකත්වය අපේක්ෂා කරයි.