Sunday, October 27, 2024
Follow Us
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

අභාවප්‍රාප්ත සිනමාවේදීනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

ඒ අනුව හෙට (21) පස්වරු 4ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.