Sunday, October 27, 2024
Follow Us
ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩි වීමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වර්ධනයේ වැඩි වීමක් මේ මාසයේ දක්නට ලැබෙන බවත් බහුලව වාර්තා වන්නේ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ඉන්ෆ්ලුවෙන්සා ''ඒ '' බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අද (18) සඳහන් කළේය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙහි අනුප්‍රභේද සොයා ගැනීමට වෙනමම පී සී ආර් පරීක්ෂණයක් සිදුකරන අතර එසේ සිදුකළ පරීක්ෂණ අනූව එච් 01 අනුප්‍රභේදය දැනට වාර්තා වීඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කලින් කලට ගොලීය වසංගතයක් ලෙස මතුවිය හැකි බවද අවධාරණය කළේය.

මෙම වෛරසය වර්ෂාපතනයත් සමග සෘජු සම්බන්ධතාවයක් පවතින අතර උදෑසන පවතින අඩු උෂ්ණත්වයත් සමග මෙහි වැඩි වීමක් දක්නට ලැබෙන බව ද වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පෙන්වා දුන්නේය.

මෙරට ප්‍රධාන පළාත් 09හි රෝහල් 19ක් පාදක කරගනිමින් බාහිර රෝගී අංශ වලට සෑම මසකම පැමිණෙන රෝගීන්ගේ නාසයෙන් සහ උගුරෙන් ලබාගත් සෙම පටල 30ක නියැදි රෝහල් වල ආසාදන පාලක ඒකකයේ හෙද නිලධාරීන් විසින් වසංගත රෝග අංශය සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි පර්යේෂණාගාර වෙත යොමු කර පී සී ආර් පර්යේෂණ සඳහා භාජනය ඉන්‌ෆ්ලුවෙන්සා A,බB, A, H1, N1, H3,N2 යන අනුප්‍රභේද සොයා බලන බව ඔහු පැවසීය.

ඉන්ෆ්ලුවෙන්සා වළක්වාගැනීමට ජාතික මට්ටමේ කමිටුවක් පවතින අතරම මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මාසිකව රැස්වන බවද කියාසිටි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මාතෘ සායන, දැනුවත්කිරීම් යනාදී ඔස්සේ පූර්ව සූදානමක් ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඉන්ෆ්ලුවෙන්සා නිරෝගී පුද්ගලයෙකුට සෑදුනහොත් දින 03 – 04 කින් සම්පූර්ණ සුවය ලබන බවද නමුත් අවධානම් රෝගී තත්ත්ව ඇති අයට එනම්, ගර්භණී මවුවරුන්, අවුරුදු 02ට අඩු ළදරුවන් වැඩිහිටියන්, නිදන්ගත රෝග වලින් පෙළෙන්නන් හට සෑදුණහොත්සංකූලතා මතුවිය හැකි බව සඳහන් කළේය.

මෙහිදී සංකූලතා වශයෙන් නියුමෝනියාව, හුස්ම ගැනීමේ අපහසුතාවය, නියුමෝනියාව හේතුවෙන් වකුගඩු, අක්මාව වැනි අවයව අකර්මන්‍ය වීම ආදිය හටගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.