Sunday, October 27, 2024
Follow Us
බන්ධනාගාර පද්ධතිය තුළ පවතින සිරකරු තදබදය අවම කිරීමට සාකච්ඡා

සිරකරුවන්ට පොදු සමාව ලබාදීම, සිරකරු තදබදයට විසදුම් සෙවීම ඇතුළු බන්ධනාගාර කටයුතු පිළිබදව ක්‍රියා කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවැත්විණි.

බන්ධනාගාර මූලස්ථාන කමිටුව, එල්.ටී.ටී.ඊ සිරකරුවන් සම්බන්ධ උපදේශන කමිටුව හා බන්ධනාගාර බලපත්‍ර මණ්ඩල කමිටුව යන කමිටුවල නිලධාරීන් සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

මේ වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින සිරකරු තදබදය අවම කිරීම, පොදු සමාව ලබාදිය හැකි සිරකරුවන් සම්බන්ධව ක්‍රියා කිරීම, බන්ධනාගාර සිරකරුවන් පිළිබදව කටයුතු කිරීමේදී පවතින නීතිමය බාධාවන් හා ඒ සදහා විසදුම් සෙවීම මෙන්ම අදාළ කමිටු විසින් ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, හිටපු අගවිනිසුරු අශෝක සිල්වා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථවට එක්ව සිටියහ.