Sunday, October 27, 2024
Follow Us
රියදුරු බලපත්‍රවලට අකුසලතා ලකුණු ලබාදීම ගැන සාකච්ඡාවක්

රියදුරු බලපත්‍ර සඳහා dmerit හෙවත් අකුසලතා ලකුණු ලබාදීම පිළිබඳව සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංගයේ ඇති වී තිබෙන වත්මන් ප්‍රගතිය පිළිබඳ සහ පවතින ගැටලු සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

වාර්ෂිකව  තුන්දාහකට ආසන්න පිරිසක්  රිය අනතුරු නිසා මිය යන අතර ඊට අමතරව රිය අනතුරු  නිසා රු. බිලියන 140 කට ආසන්න මුදලක්  රටට අහිමිවීම වසර ගණනාවක් සිට සිදුවන බව මෙම සාකච්ඡාවේදී තහවුරු විය.

මෙම අවස්ථාවට  තොරතුරු  තාක්ෂණ ආයතනය, ආරක්ෂක අමාත්‍යාංශය,මෝටරථ  ප්‍රවාහන  දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා පොලිස් රථවාහන අංශය යනාදී ආයතන නියෝජනය කරමින් නිලධාරීන්  සහභාගී වූහ.