Sunday, October 27, 2024
Follow Us
සුළං තත්ත්වයේ හා වර්ෂාවේ වර්ධනයක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති නිසා වර්ෂාවේ වර්ධනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) දිනයේ දී අපේක්ෂා කරනු ලබනවා.

නිවේදනයේ දැක්වෙන්නේ, ඉදිරි පැය 48 තුළ සුළං තත්ත්වය වෙනස් වෙමින් එය, ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ද ඇති බවයි.

 

ඒ හේතුවෙන් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හි දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා.

 

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල ද විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

 

උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50ක අතර වේගයෙන් සුළං ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

 

Aruna