Sunday, October 27, 2024
Follow Us
මෙම වසරටත් වඩා ලබන වසර මුල ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානමක්

ලබන වසරේ මුල් කාල සීමාව තුළ මෙම වසරටත් වඩා වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීින් ගණන දෙගුණ වී ඇති බවයි.

කීට විද්‍යා නිලධාරීන් ලබා දෙන දත්ත නිසි පරිදි පරිහරණය කරන්නේදැයි ගැටලුවක් පවතින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එබැවින් ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth