Sunday, October 27, 2024
Follow Us
උඩරට එළවළු මිල තවත් ඉහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක අදත් ඇතැම් උඩරට එළවළු වර්ග මිල ගණන් ඉහළ මට්ටමක පැවතියා.

ඒ අනුව බෝංචි කිලෝ ග්‍රෑමයක් රුපියල් 400 ත් 580 ත් අතර මිලකට අලෙවි වූ අතර කැරට් මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබුණා.

 

බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල කැරට් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 290 ඉක්මවා තිබුණේ නැහැ.

 

කෙසේ වෙතත් ලීක්ස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 380 ට ආසන්න වූ බවද වාර්තා වනවා.

 

පහතරට එළවළු වර්ගවලින් වැඩිම මිල වාර්තා වුණේ කරවිල සඳහායි. ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල කරවිල කිලෝ ග්‍රෑමයක් රුපියල් 400 ට ආසන්න වී තිබුණා.

 

Aruna