Sunday, October 27, 2024
Follow Us
පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ වර්ජනය අවසන්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර අද සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සදහා සහභාගි වී තිබෙනවා. එම පීඨයේ ආචාර්යවරුන් පසුගිය 13 වනදා සිට රාජකාරිවලින් ඉවත් වුණේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ ප්‍රත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමයේ සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය අර්ජුන පරාක්‍රම පැවසුවේ එම සිද්ධියට අදාළව ස්ථිර විසදුමක් නොලැබුණහොත් ඉදිරියේදී යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

මේ අතර විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීතිරීති සැකසිය යුතු බවයි මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මාධ්‍ය හමුවේ කියාසිටියේ.

Neth