Sunday, October 27, 2024
Follow Us
මිල වැඩි බිත්තර ප්‍රතික්‍ෂේප කරන්න - නිෂ්පාදන සංගම් ඉල්ලයි

බිත්තරයක් රුපියල් 50 ක මිලකට ගොවිපළෙන් අලෙවි කිරීමට තමන් තීරණය කළ බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ සියළු සංගම් එක්ව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

එමෙන්ම රුපියල් 50 ක මිලකට තොග වෙළඳුන් විසින් ගොවිපළෙන් රැගෙන යන බිත්තර රුපියල් 53 ක මිලකට සිල්ලර වෙළඳසැල් වෙත අලෙවි කරන ලෙස ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලීමක් කළ බවද එහි සභාපති අජිත් ගුණසේකර නෙත් නිවුස් වෙත කියාසිටියා.

කෙසේවෙතත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ පවතින බිත්තර හිගය හේතුවෙන් බොහෝ බේකරි හිමියන් කේක් නිෂ්පාදනයෙන් ඉවත් වී ඇති බවයි. එබැවින් එළඹෙන උත්සව සමයේ කේක් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

 

Neth