Sunday, October 27, 2024
Follow Us
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළුවක් ගැන මව්පියන්ගෙන් මැසිවිලි

ඊයේ පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක සඳහන් වූ ප්‍රශ්නයක් පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන් පවසන බවට ඔවුන්ගේ මව්පියන් චෝදනා කළා.

නෙත් නිවුස් ඇමතූ මව්පියන් කිහිපදෙනෙකු පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින ජාත්‍යන්තර ගුවන් තොටුපළ 02 ක් සඳහන් කරන්නැයි එම ප්‍රශ්නයේ දක්වා තිබූ බවයි.

ඊට පිළිතුරු ලෙස කටුනායක සහ රත්මලාන, කටුනායක සහ මත්තල මෙන්ම මත්තල සහ පළාලි යන පිළිතුරු 03 සඳහන්ව තිබූ බවට සිසුන් පැවසූ බවයි මව්පියන් සඳහන් කළේ.

මව්පියන් මතු කරන මෙම ගැටළුකාරී විභාග ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුතුමන්ගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේනගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පෙර විශේෂඥ කණ්ඩායමක් විසින් ඒ පිළිබඳ පරීක්ෂාවට ලක් කරන බවයි.

Neth