Sunday, October 27, 2024
Follow Us
බිත්තර මිල වැඩිවෙලා

බිත්තර සඳහා උපරීම මිලක් නියම කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටවීමත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.

උත්සව සමය හේතුවෙන් බිත්තර මිල ඉහළ ගොස් ඇති පසුබිමක මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව ඇති බව පාරිභෝගිකයින් පවසයි.

 

පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය අතුරු තහනමක් පැනවීමත් සමඟ මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිල ඉහළ ගොස් තිබේ.

 

මින් පෙර රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකටයි.

 

ඉහළ මිළ ගණන් යටතේ අලෙවි කිරීම සඳහා වෙළෙඳුන් බිත්තර සඟවා තබාගෙන සිටින බවටද පාරිබෝගිකයින් චෝදනා කරයි.

 

Aruna