Sunday, October 27, 2024
Follow Us
තිළිණි ප්‍රියමාලිට ඇප

රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තිළිණි ප්‍රියමාලි ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.

ඒ, රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

 

ඇයට පැනවූ විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

 

සෑම මාසයක අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි ද මහේස්ත්‍රාත්වරයා තිළිණි ප්‍රියමාලිට නියෝග කළේය.

 

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනුණේ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙනි.

 

Aruna