Sunday, October 27, 2024
Follow Us
දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වෙයි

බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිර වන සේ තබා සිටි ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව පවසමින් ඊයේ (15) දහවල් නිවෙසින් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය පවසයි.

 

ඔහුගේ බිරිඳ ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර දුරකථනය ක්‍රියා විරහිත වීම නිසා බිරියගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇත.

 

ඒ පිළිබඳව සැක සිතූ සභාපතිවරයාගේ බිරිඳ, සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇත.

 

ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමාසිරකර තිබියදී සුසාන භූමියේ කම්කරු සේවකයකු ගේ උදව් උපකාර ඇතිව වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි.

 

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රී 11.30 ට පමණ ඔහු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයකු දැක තිබූ බව පොලිසිය කියයි.

 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍යය කොට්ඨාසය සදහන් කළේ බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කිරීම් සිදුකරන බවයි.

 

Aruna