Sunday, October 27, 2024
Follow Us
සරසවි සිසුන් ප්‍රචණ්ඩවීමට බලපෑ හේතු ගැන නවතම පර්යේෂණයකින් හෙළි වේ

විශ්ව විද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය ඉහළයාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කොරෝනා සමයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සහ සිසුන් ජංගම දුරකථන භාවිතය ඉහළයාම බව විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් පවසනවා.

එම කාල වකවානුව තුළ නිවෙස්වල සිරවී සිටි සිසුන් මානසිකත්වයෙන් මිදීම සඳහා යළි විශ්වවිද්‍යාල වෙත පැමිණීමෙන් පසු ප්‍රචණ්ඩත්වය භාවිත කර ඇති බවයි මනෝ විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා.

සිසුන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා පෙන්වා දුන්නේ.

විශ්ව විද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජයේ යළි කතා බහක් මතු වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සිසුන් පිරිසක් පහර දීමේ සිද්ධිය හේතුවෙන්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විශ්ව විද්‍යාල සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පහර දීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ ආචාර්යවරු දේශන කටයුතු වලින්ද මේ වන විට ඉවත් වී සිටිනවා. ඔවුන් ලබන 18 වන දා දක්වා අධ්‍යන කටයුතු වලින් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

Neth