Sunday, October 27, 2024
Follow Us
පොල් මිල යළි ඉහළට

දේශීය වෙළෙඳපොළේ පොල් මිල සියයට නවයයි දශම දෙකකින් (9.2%) පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ දත්තවලට අනුව මෙම මාසයේදී පැවැති දෙවැනි පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි දහසක මිල රුපියල් හැත්තෑ හයදහස් හාරසිය තිස්අට (76438)ක් දක්වා වැඩි වී තිබේ. අදාළ වෙන්දේසියට සතියකට පෙර එහි මිල පැවත ඇත්තේ හැට නවදහස් නවසිය හැත්තෑපහ (69975)කටය.

 

වෙන්දේසිය සඳහා පොල් ගෙඩි හත්ලක්ෂ විසිදෙදාස් එකසිය හැටතුනක් ඉදිරිපත්කර ඇති අතර ඉන් ගෙඩි පන්ලක්ෂ හතළිස් හත්දහස් තුන්සිය හැටපහක් අලෙවි වී ඇත.

 

කෙසේ වෙතත් මෙම වසරේ මුල් මාස දහයේ සමස්ත පොල් අපනයනය සියයට හතරකින් පමණ පහත වැටී ඇති බවද එම වාර්තාවේ සඳහන්ය.

Aruna