Sunday, October 27, 2024
Follow Us
පාසල් උපකරණ මිල වෙනස් කරන වෙළඳුන් සොයා වැටලීම්

දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන් වෙනස් කරමින් පවතින මිලට වඩා වැඩි මිලට ඒවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර සිදුකළ වැටලීම්වලදී ඔවුන් සතු අභ්‍යාස පොත් සහ උපකරණ සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

 

අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ වෙළෙඳපොළ තුළ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වීම හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් අදාළ වැටලීම් ආරම්භ කළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Aruna