Sunday, October 27, 2024
Follow Us
ලීසිං ආයතනවල විනාශ කරන්න තිබූ වාහන අඩු මුදලකට අරන්

මූල්‍ය ආයතන මගින් විනාශ කිරීමට නියමිතව ඇති මෝටර් වාහන අඩු මුදලට ලබාගෙන ඒවායේ ලියාපදිංචි සහතික උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සැකසූ වාහන විකිණීමේ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක තිදෙනෙක් රුපියල් කෝටියකට අධික වටිනා වාහන සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් බාරයේ තිබී ව්‍යාජ ලෙස චැසි අංක හා එන්ජින් අංක යෙදූ අධි ශීතකරණ සවි කරන ලද ලොරි රථයක්, තීරෝද රථ දෙකක් , මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

 

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ද සිල්වාට ලද තොරතුරක් අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පවත්වා මෙම ජාවාරමේ සුලමුල අනාවරණය කරගැනීමට සමත් වී ඇත.

 

ලීසිං ආයතන මගින් විනාශ කිරීමට නියමිතව තිබූ මෝටර් වාහන වල ලියාපදිංචි සහතිකපත් ලබා ගෙන සහ කල්බදු වාරික ගෙවීමට අපොහොසත් වාහන අඩු මුදලට ලබාගෙන, විනාශ කිරීමට නියමිතව ඇති වාහන වල ලියාපදිංචි සහතික වලට ව්‍යාජ දත්තයක් ඇතුළත් කරමින් මෝටර් වාහන ලියාපදිංචි සහතික සකස් කිරීමත් එම ලියාපදිංචි සහතිකවලට ගැලපෙන ආකාරයෙන් රථවාහනවල චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කරමින් කටයුතු කර ඇතැයි පොලිස් පොලිසිය කියයි.

 

ඊට අමතරව කූට ලෙස චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කරන ලද වාහන අලෙවි කිරීමේ ජාවාරමක් ද මෙම සංවිධානාත්මක කල්ලිය සිදුකරගෙන ගොස් ඇති බවට බවටද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලීසිය කියයි.

 

ඒ අනුව මෙලෙස ව්‍යාජ ලෙස චැසි අංක හා එන්ජින් අංක කරන ලද අධි ශීතකරණ සවි කරන ලද ලොරියක් මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ජා-ඇල ප්‍රදේශයේ දී සැකකරුවන් සමග ද, තී රෝද රථයක් සමග සැකකරුවෙකු ගම්පහ මාකෙවිට ප්‍රදේශයේ දී එම ජාවාරමට සම්බන්ධ කූඨ ලේඛණ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

 

ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් කීපදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

වයස අවුරුදු 54 හස් 58 අතර පසුවන සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Aruna