Sunday, October 27, 2024
Follow Us
ප්‍රධාන පාරක් දින තුනක් වහයි

පොල්ගහවෙල දුම්රිය මාර්ගය අසල පිහිටි පොල්ගහවෙල - කෑගල්ල A19 මාර්ගය හරහා වැටී ඇති දුම්රිය මාර්ග කොටස අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබීමට නියමිත බව දුම්රිය සේවය දැනුම්දෙයි.

ඒ හේතුවෙන් දෙසැම්බර් මස 15 වන දා උදෑසන 7 සිට දෙසැම්බර් මස 18 වන දා සවස 6.30 දක්වා අදාළ හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම්දෙයි.

Aruna