Sunday, October 27, 2024
Follow Us
හැටෙන් විශ්‍රාම ගැන්වීමෙන් දුම්රිය ධාවනයත් අර්බුදයක

දෙසැම්බර් 31 වනදායින් පසු දුම්රිය සේවය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ මේවනවිටත් දුම්රිය ස්ථානවල කාර්යය මණ්ඩලයේ දැඩි හිගයක් පවතින බවයි. එමෙන්ම විශ්‍රාම ගැන්වීමට නියමිත කාර්යය මණ්ඩල සාමාජිකයින් විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගැනීම හේතුවෙන් මේවනවිටත් ඇතැම් දුම්රිය ස්ථානවල සේවාවන් බිඳ වැටී ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කළේ.

දිවයින පුරා දුම්රිය ස්ථාන 370 ක මේවනවිට සේවය කරන සේවකයින් සංඛ්‍යාව 10,500 ක්. එහෙත් මෙම දුම්රිය ස්ථාන 370 සඳහා අනුමත සේවක සංඛ්‍යාව 19,382 ක් වනවා. මේවනවිට දුම්රිය ස්ථානවල සේවය කරන 10,500ක පිරිසෙන්ද 700කට ආසන්න ප්‍රමාණයක් එළඹෙන 31 වනදා විශ්‍රාම ගැන්වීමට නියමිතයි.

මේ හේතුවෙන් මෙම මාසය අවසන් වනවිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල විය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Neth