Sunday, October 27, 2024
Follow Us
බිත්තරයක් 50 ට දෙන්න නිෂ්පාදකයින්ගේ එකඟතාව

බිත්තරයක් රුපියල් 50 ක මිලට ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා. නිෂ්පාදන වියදමට අනුව එම මුදලට බිත්තරයක් අලෙවි කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෙළඳපොලේ බිත්තර සැපයුම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමඟ පැවත‘ සාකච්ඡාවකදී බිත්තර නිෂ්පාදකයින් මෙම අදහස් පළ කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වයත්, පසුගිය කාලයේ පැවති ඉන්ධන හිඟයත්, සෝයා, බඩඉරිඟු ඇතුලු සත්ත්ව ආහාරවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් බිත්තර නිෂ්පාදන කර්මාන්තයට බලපෑම් එල්ලකිරීම හේතුවෙන් පසුගිය සමයේ බිත්තර සැපයුම පහළ ගිය බවයි එම නිෂ්පාදකයින් එහිදී පෙන්වාදී ඇත්තේ. ඒ අනුව මේ වන විට බිත්තර නිෂ්පාදනය අඩුවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

එහිදී අදහස් පළ කළ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ සත්ත්ව ආහාරවල මිල ගණන් පහළයාමක් දක්නට ලැබෙන බවත්, ඉදිරියේදී එම මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බවයි.

වෙළඳපොලේ බිත්තර සැපයුම ඉහළ නැංවීම සඳහා නිෂ්පාදකයින්ට පිරිවැය අවම කර ගැනීමට හැකිවන ලෙසට ණය මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එහිදී අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් බවයි වෙළඳ අමාත්‍යංශය පැවසුවේ.

Neth