Sunday, October 27, 2024
Follow Us
ආනයනික කිරිපිටි මිල යළි ඉහළ යන ලකුණු

ආනයනික කිරි පිටි මිල ගණන් ඉදිරියේදී යළි ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ඊට හේතුවී ඇත්තේ නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කිරිපිටි නිෂ්පාදනය සියයට 8 කින් පමණ පහත වැටී තිබීමයි.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට කිරි පිටි මිලදී ගැනීමට හැකිව ඇත්තේ චීනය විසින් කිරි පිටි මිලදී ගන්නා ප්‍රමාණය අඩුවීම හේතුවෙන් බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ. මේ, එම සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය.

ආනයනික ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 1,240 දක්වා ඉහළ දැමීමට එම සංගමය ඉකුත්දා කටයුතු කළා. යොදාගන්නා ඇසුරුම් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හා සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් එලෙස කිරිපිටි මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි එම සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Neth