Sunday, October 27, 2024
Follow Us
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවයත් බිඳ වැටීමේ අනතුරක්

ජනවාරි පළමුවැනිදා සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳ වැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණියන්ගේ උග්‍ර හිඟයක් පවතින පසුබිමක් තුළ වයස අවුරුදු 60 සම්පූර්ණවන නිළධාරිණියන් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතවන බවයි.

මේ වන විටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 3,000 කට අධික ප්‍රමාණයක හිඟයක් පවතින බවයි එම සංගමයේ සභාපතිණී දේවිකා කොඩිතුවක්කු පැවසුවේ.

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර අවසන්. ඒ, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්. අදාළ නියෝගය ලබන ජනවාරි 01 වනදා සිට බලාත්මක විය යුතු බවයි එම ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

ඒ අනුව කිසියම් බලධාරියෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළ හොත් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන් හැර සෙසු රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගත යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.


Neth