Sunday, October 27, 2024
Follow Us
 නත්තල් සැරසිලි භාණ්ඩවල මිල තුන් ගුණයකින් ඉහළට

නත්තල් සැරසිලිවල නව මිල ගණන් මෙන්න


නත්තල් සැරසිලි භාණ්ඩවල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

සැරසිලි භාණ්ඩ ආනයනයට යොදා තිබෙන තහනම හේතුවෙන් මෙලෙස භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් ඔවුහු පවසති.

අඩි දෙකක් උස කෘත්‍රිම නත්තල් ගසක් රුපියල් 200 සිට රුපියල් 2000, අඩි 4 නත්තල් ගසක් රුපියල් 800 සිට 5500 දක්වාද, අඩි 7 නත්තල් ගසක් රුපියල් 6000සිට 23000ක් දක්වාත් මිල ඉහළ ගොස් ඇත.

විදුලි බුබුළු වැල්, ස්ටිමර් රුපියල් 250 සිට 600 කට අධික මුදලකටත් අලෙවි කිරීමට සිදුව ඇති බව ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පවසා සි​ටිති.

මධ්‍යම කඳුකරයෙන් රැගෙන එන ස්වාභාවික නත්තල් ගසක මිලද රුපියල් දෙදහස ඉක්මවිය හැකි බවද ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති. පවතින ඉන්ධන මිල හමුවේ මෙවර අඩු මුදලකට ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරති.

Aruna