Sunday, October 27, 2024
Follow Us
බීඩි සමාගමක ලාංඡනේ දාලා ගෙදරම බීඩි හදලා

ලක්ෂ 20ක ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ ඉටි රෝල් හා බීඩි තොගයක්


මීගමුව පිටිපන ප්‍රසිද්ධ බීඩි සමාගමක බීඩි ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ පුද්ගලයකු හා එම සමාගමේ ලාංඡනය ව්‍යාජ ලෙස යොදා බීඩි පාර්සල් ආවරණය කිරීමට ගන්නා ඉටිකොළ මහා පරිමාණයෙන් මුද්‍රණය කරමින් සිටී පෑලියගොඩ බියගම පාරේ මුද්‍රණහලක කළමනාකරුවෙක් ද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා සමඟ රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනා ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ ඉටි රෝල් තොගයක් සහ බීඩි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත

බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ නිවසක තම බිඩි නිෂ්පාදන සමාගමේ ලාංඡනය ව්‍යාජ ලෙස යොදාගෙන බීඩී නිෂ්පාදනය කරන බවට එම ආයතනයේ නිලධාරියකු බණ්ඩාරගම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කැලණිය පෑලියගොඩ බියගම පාරේ මුද්‍රණාලයක ව්‍යාජ ලෙස සකස් කළ ලාංඡනය සහිත ඉටුකළ මුද්‍රණය කරන බවට අනාවරණ වූ බව පොලිසිය පවසයි

ඒ අනුව එම ස්ථානය වටලන අවස්ථාවේත් මීගමුව ප්‍රසිද්ධ බීඩි සමාගම සමාගමේ ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ඉටිකොළ මුද්‍රණය කරමින් තිබූ බව පොලිසිය පවසයි.

මෙම ප්‍රසිද්ධ බීඩි සමාගමේ නිෂ්පාදනය කළ බීඩි ලෙස පසුගිය කාලය පුරා බණ්ඩාරගම ප්‍රදේශයේ අවට ව්‍යාජ ලෙස නිෂ්පාදනය කල බීඩි තොගයක් සහ උපකරණ රැසක් සමඟ සැකකරුවන් කිහිප දෙනකු ද දෙනෙකු ද අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශශික මධුසංඛ මහතා පරීක්ෂණ පවත්වයි

Aruna