Sunday, October 27, 2024
Follow Us
සිරිපා සමය අදින් ඇරඹේ

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි


වර්ෂයේ අවසාන පොහෝ දිනය වන උඳුවප් පොහෝ දිනය අද (07)ට යේදී තිබේ.

ශාසනික සහ ආගමික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මෙම උඳුවප් පොහොය ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් දිනයකි.

දේවානම් පියතිස්ස මහ රජුගේ ආරාධනයකට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව මෙරටට වැඩමකර ඇත්තේ අද වැනි පෙහොය දිනයකදීය.

මෙරට මෙහෙණි සස්න ආරම්භවීම ද උඳුවප් පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

මේ අතර 2022 – 2023 ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වෙයි.

Aruna