Sunday, October 27, 2024
Follow Us
දහසේ බිල 3,000 යි - දෙදහසේ බිල 6,300 යි - ලබන වසරේ විදුලි බිල වැඩිවන හැටි ගැන අනාවරණයක්

ප්‍රකාශයට පත්කර ඇති පරිදි ලබන ජනවාරියේ සියයට 70 ක විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවුවහොත් එය කිසිසේත්ම ජනතාවට දරාගත නොහැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ දැනට පවතින තත්ත්වය අනුව ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබානොදෙන ස්ථාවරයක මහජන උපයෝගිතා කොමිසම මේ වන විට සිටින බවයි.

යම් හෙයකින් විදුලි බිල වැඩිවුවහොත් මේ වසරේ ජනවාරි මාසයේ රුපියල් දහසක් වූ විදුලි බිල ලබන වසරේ ජනවාරියේදී රුපියල් 3,000 දක්වාත්, දෙදහසක විදුලි බිල රුපියල් 6,300 ක් දක්වාත්, රුපියල් 10,000 ක විදුලි බිලක් රුපියල් 32,000 ක් දක්වාත් වැඩිවනු ඇති බවටයි ඔහු පුරෝකථනය කළේ.

සැබෑ ලෙසම ලබන වසරේදී විදුලි බිලට කුමක් සිදුවේද ? අද රතු කට්ට විශේෂාංගයෙන් සෘජුව ප්‍රශ්ණ කරන්නේ ඒ පිළිබඳවයි.

Neth