Sunday, October 27, 2024
Follow Us
වෛද්‍යවරු 447ක් රට හැර ගහින්

වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාවක්


වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“මේ බදු සංශෝධනවල අවසාන ප්‍රතිඵලය ලෙස සිදුවෙන්නේ රට ආපස්සට යෑමක්. රට හැරයන වෘත්තිකයින් නවත්වන්න උත්සාහ කරනවා මිසක්, රට හැර යන්න සිද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා.. ඒවා නිවැරදි කරන්න උත්සාහයක් නැහැ. අපි ළඟ තිබෙන දත්ත අනුව පළවෙනි මාස 8 තුළ 477ක් වෛද්‍යවරු රටින් ගිහින් තිබෙනවා.”

Aruna