Monday, October 28, 2024
Follow Us
ගෝලයා සමඟ තනිවූ ගුරුවරිය සිසුවාට ලිංගික ආශාවන් ඇති කරලා

” සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ””


15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවක් බවටයි තොරතුරු වාර්තා වුනේ

සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි පැමිණිලිකරුවන් පොලිසියට පවසා ඇත.

පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින දරුවාගේ දෙමව්පියන්ට දන්වා ඇත.

ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ” සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ”” ඔයා ගාව හරි සුවඳයි” ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන කෙටි පණිවිඩ ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා

Aruna