Monday, October 28, 2024
Follow Us
මෙරට ජනතාවගෙන් සියයට 57ක් ලංකාවෙන් යන්න කැමතියි

සියයට 41.5ක් ලංකාවෙන් පිටවීමට කැමැති නෑ


මෙරට ජනතාවගෙන් සියයට 56.8ක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී හෙළිව තිබේ.

මේ බව හෙළිව ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කළ නවතම සමීක්ෂණයකින්.

එමෙන්ම ජනතාවගෙන් සියයට 41.5ක් ලංකාවෙන් පිටත්වීමට කැමැත්තක් ප්‍රකාශ කර නොමැත.

වඩාත් වැදගත්ම කරුණ වන්නේ අවුරුදු 18-29 අතර පසුවන අයගෙන් සියයට 77.2ක්ම ශ්‍රී ලංකාවෙන් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ සියයට 22ක ප්‍රතිශතයකි.

අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 45.4ක් පමණක් රටින් පිටවීමට කැමැත්ත දක්වා ඇති අතර සියයට 52.5ක් රටින් පිටත්ව නොයන බව දන්වා තිබේ.

Aruna