Monday, October 28, 2024
Follow Us
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළදපලට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් 01 දිනයේ දිවයින පුරා බෙදා හැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසනවා.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පුද්ගලික සමාගමක් වෙත පිරිනමන ලද ටෙන්ඩරය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා නම් කිරීමට අවසර දෙන ලෙස කර ඇති ඉල්ලීමට නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අද විරෝධය පළ කළා.

ගෘහස්ථ ගෑස් මෙට්ට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 129 ක් බැගින් මිලදී ගැනීමට එරෙහිව විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙසයි පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන ඊට විරෝධය පළකර සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 එක වගන්තිය යටතේ ජනාධිපතිවරයාට මුක්තියක් හිමිව තිබෙන බැවින් ඔහු මෙම නඩුකරයේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ තර්ක කලා.

අනතුරුව පෙත්සම ජනවාරි මස 24 වනදා කැඳවීමට නියෝග කළ අධිකරණය එදිනට මෙම කරුණට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

Neth