Monday, October 28, 2024
Follow Us
දරුවන් 40,000කට කැපකරුවන් සොයයි

අලුතෙන් ක්‍රියාත්මක කරන්න යන වැඩසටහන


මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හතළිස්දහසකට (40,000) ආසන්න සංඛ්‍යාවකගේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට දෙමාපියන්ට පවතින නොහැකියාව නිසා එම දරුවන් වෙනුවෙන් කැපකරු මවුපියන් සෙවීමේ වැඩසටහනක් හැකි ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. ඊට අදාළ යෝජනාව අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අරුණ කළ විමසුමකදී සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් විසිඑක්දහසක් (21,000) හඳුනාගෙන ඇති බවත් මෙරට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවක් පවතින නිසා එම සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවිය හැකි බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

එම නිසා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් හතළිස්දහසක් ඉලක්ක කරගනිමින් මෙම කැපකරු මවුපියන් සෙවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන පන්සියයක් වෙන් කර ඇති අතර ඉන්දියාවේ විදෙස් සමාගමක් සහ මෙරට පෞද්ගලික ආයතනයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන එකක මුදලක් ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ ලක්ෂ හැටතුනක ජනතාවක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවට මුහුණ දෙන බවට එක්සත් ජාතීන්ගේ ලෝක අහාර වැඩසටහන පෙන්වා දෙයි.

එසේම මෙරට ළමුන් පනස්හයදහසක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය දත්ත වාර්තා සඳහන් කරයි.

Aruna