Monday, October 28, 2024
Follow Us
පාසල් දරුවන් අතර මත්පෙති ප්‍රචලිත කිරීමේ ජාවාරමක් ගැන පොලීසියෙන් අනාවරණයක්

පාසල් ළමුන් අතර මත්පෙති භාවිතයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ ඖෂධහල්වල අලෙවි කරනු ලබන ඖෂධ වර්ග මත්වීම සදහා යොදා ගැනීම ළමුන් අතර ප්‍රචලිත කිරීමට ඇතැම් ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවයි.

පාසල් ළමුන්ගේ වෙනස්වීම් හා ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳ මව්පියන් වඩාත් අවධානයෙන් සිටිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළා.

Neth