Monday, October 28, 2024
Follow Us
බුදු පහන පත්තු කළ වරදට ක්‍රිකට් අහිමි වූ චාමික

ලෝක කුසලානයේදී ආබාධයට ලක්වූවේ ඔට්ටුවකට ?


ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගාවලිය ආරම්භ වී ඇති මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්නට වසරකට අත්හිටවූ ක්‍රිකට් තහනමක් පනවා, ඩුබායි T 10 තරගාවලිය සඳහා චාමික යොමු වන තැනට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ගෙවී ගිය 20/20 ලෝක කුසලාන තරගාවලියේදී විනය විරෝධී ලෙස හැසිරීම හා චාමික විසින් වරද පිළිගැනීම නිසා චාමිකට මෙම දඩුවම පැනවූ බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

චාමික කරුණාරත්නට පැනවූ දඩුවම මෙන්ම චාමික ‘‘වරද පිළිගැනීම‘‘ යන කාරණා සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විවිධ තොරතුරු සංසරණය වෙමින් තිබේ. අප අද හෙළි කරන්නේ, එසේ අප වෙත වාර්තා වූ තොරතුරකි. අප මෙම තොරතුරු වාර්තා කරන්නේ කිසියම් පුද්ගලයකුට, ජනවර්ගයකට හෝ ආගමකට අපහාස කිරීමට නොව, හුදෙක්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය රැක ගැනීමේ සද් චේතනාවෙන්ම බව මුලින්ම අවධාරණය කර සිටිමු.

https://youtu.be/5eeLtO7G6_U

 

Aruna