Monday, October 28, 2024
Follow Us
තවත් දින කිහිපයක් ලිට්‍රෝ ගෑස් සීමාසහිතව වෙළදපොලට

තවත් දින 4 ක් පමණ ගතවන තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සීමාසහිතව බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ඇනවුම් කළ ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් එලෙස ගෑස් බෙදාහැරීම සීමා කළ බවයි.

රට තුළ ගෑස් හිගයක් ඇතිවීම වැලැක්වීම සදහා කෙටි කාලීන විසදුමක් ලෙස බෙදාහැරීම සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ ගෑස් නෞකාව මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවත් එහි ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් එම උසස් නිලධාරියා සදහන් කළා.

තවත් ගෑස් නෞකාවක් ලබන බදාදා දිවයිනට ළගාවීමට නියමිතව තිබෙනවා. එම ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමටයි ලිට්‍රෝ සමාගම සැලසුම් කර ඇත්තේ.

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට දෛනිකව නිකුත් කෙරෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණය 42,000 ක් පමණ වනවා. ලබන බ්‍රහස්පතින්දායින් පසුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 72,000ක් දෛනිකව නිකුත් කිරීමට හැකිවනු ඇති බවටයි ලිට්‍රෝ සාමාගම පවසන්නේ.

Neth