Monday, October 28, 2024
Follow Us
දුම්රිය තවත් මාස 04ක් ඉබි ගමනේ

පවතින දුම්රිය ප්‍රමාදයන් තවත් මාස 4ක පමණ කාලයක් පැවතිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ පීලි සහ අමතර කොටස් හිගය හේතුවෙන් දෛනිකව දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවයි.

ඇණවුම් කළ අවශ්‍ය අමතර කොටස්වලින් කොටසක් ලබන ජනවාරි මාසයේ මෙරටට ලැබීමට නියමිතයි. කෙසේවෙතත් එලෙස පැමිණෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.

දුම්රිය මාර්ග අබලන් ස්ථාන මේ වන විටත් හදුනාගෙන තිබෙනවා. ඇතැම් ස්ථානවල වසර අවුරුදු 10කින් පමණ දුම්රිය පීලි අලුත් කර නැහැ.

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට පානදුර දක්වා කොටස අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බවටද හදුනාගෙන ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. මෙය නියමිත වේලාවට දුම්රිය ධාවනය කිරීමට පවතින මූලික බාධාවක් වනවා. එමෙන්ම දුම්රිය පීලි පැනීමටද බලපා ඇති ප්‍රධාන හේතුවද මෙය බවයි අනාවරණ වී ඇත්තේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අමතර කොටස් ලැබෙන තෙක් දුම්රිය කාලසටහන වෙනස් කිරීමට කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.


Neth