Monday, October 28, 2024
Follow Us
සුදු පිරුවට හැදි මහත්තුරුන්ගේ රෙදි ගැලවෙන කතාවක්

අනාත වූ කෙල්ලෝ තානාපති නිලධාරියාට වැඩක් දෙන්න කළ සැලසුමේ හඩපට එළියට


සංචාරක වීසා මත ඕමාන රාජ්‍යය වෙත මෙරට කතුන් ගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ මිනිස් ජාවාරමට එරෙහිවූ ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශය භාර නිලධාරියා සේවයෙන් පහ කොට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

ඊ. කුෂාන් නම් මෙම නිලධාරියා පවසන්නේ මිනිස් වෙළෙදාම සිදුකරන ජාවාරම් කරුවන්, රැකියා ඒජන්සි ආයතන මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇතැම් නිලධාරීන් ද කටුනායක ගුවන් තොටුපලේ නිලධාරීන් මෙන්ම ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ උසස් නිලධාරියකුද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ අතර ඔවුන් තමන්ට එරෙහිව ක්‍රියා කරන බවයි.

මේ වනවිට සංචාරක වීසා මත ඕමානයට රැගෙන ගොස් එහි අනාත වී සිටින කාන්තාවන් පිරිසක් හා ඩුබායි සුද්දා නමින් හදුන්වන පුද්ගලයකු ද යොදා ගෙන සැලසුම් සහගත ලෙස තමන්ට එරෙහිව මෙම පිරිස කුමන්ත්‍රණය සිදු කරන ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඔහු සඳහන් කරන්නේ මිනිස් ජාවරම් කරුවන් ඔවුන් විසින්ම ඕමානය වෙත රැගෙන ගොස් අතරමන් කළ තරුණියන් යොදාගෙන මිනිස් ජාවාරමට එරෙහි වූ තමන්ගේ චරිතය ඝාතනය කිරීමට ටික් ටොක් වීඩියෝ නිපදවා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමෙන් නොනැවතුණු මිනිස් ජාවාරම් කරුවන් ඕමානයේ අතරමං වූ තවත් තරුණියක යොදාගෙන තාමාට ස්ත්‍රී දූෂණ චෝදනාවක්ද පැටලවීමට උත්සහ දරා ඇති බවයි.

මේ අතර 24 පස්වරැවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ඊ. කුෂාන් නමැති නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන්ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බවයි.

Aruna