Monday, October 28, 2024
Follow Us
මසකට වරක් ජ’පුර රාගයෙන් උණුසුම් වෙයි

මෙගා ​​ෆෝන් කුණුහරුප නිසා ප්‍රදේශවාසීන් පීඩාවට පත්වෙලා


ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් රාත්‍රි කාලයේදී මෙගා ​​ෆෝන් භාවිත කරමින් කුණුහරුප කියමින් මසකට වරක් කරන ඝෝෂා කිරීම නිසා ප්‍රදේශවාසීන් පීඩාවට පත්වී තිබේ.

මේ සම්බන්ධව පොලිසිය දැනුවත් කළද දිගින් දිගටම මෙය සිදුවන බවට ඔවුන් චෝදනා කරති. මීට පෙරද බොරලැස්ගමුව ප්‍රදේශයේ තිබූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරය ඝෝෂාකාරී තත්ත්වයක් නිසා ප්‍රදේශවාසීන් සමග කලහකාරී සිදුවීමක්ද වාර්තා විය.

සිසුන් බීමත්ව හැසිරීම එයට ප්‍රධාන හේතුව බව ප්‍රදේශවාසීන් චෝදනා කළේය. පසුව එම නේවාසිකාගාරයේ සිසුන් ඉවත් කර සිසුවියන් පමණක් රැඳවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.

දැනට පවතින මෙගා ෆෝන් අවහිරය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ නවකවදය සම්බන්ධයෙන් ලද පැමිණිලි මත චෝදනාවට ලක්වූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

Aruna