Monday, October 28, 2024
Follow Us
කෑම මිලට බයේ සීනි පල්ලම් බහී

මිල අධික ක්ෂණික ආහාර මිලදී ගැනීම අඩුවෙයි


වෙළෙඳපොළේ ක්ෂණික ආහාර වර්ගවල මිල වැඩි‍වීමත් සමග අධි තරබාරුවෙන් පෙළෙන සහ දියවැඩියාව වැලඳෙන රෝගීන් වාර්තා වීම අඩු වී ඇති බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශය සිදු කළ සමීක්ෂණයකින් හෙළිවි තිබේ.

මෙයට හේතුව වී ඇත්තේ වෙළෙඳපොළේ ඇති අධික මිලකින් යුතු ක්ෂණික ආහාර මිලදී ගැනීමෙන් වැඩිහිටියන් සහ දරුවන් බොහෝ සෙයින් වැළකී සිටීම බව හඳුනාගෙන ඇත.

ග්‍රාමසේවා නිලධාරි කොට්ඨාස එකසිය පහක් (105 ) ආශ්‍රයෙන් වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශය මෙම සමීක්ෂණය සිදු කර ඇත. විශේෂයෙන් ළමයින්ට දියවැඩියාව වැලඳීම සහ අක්මාවේ තෙල් එකතුවීම වැනි රෝග විශාල වශයෙන් අඩුවී ඇති බවද මෙම සමික්ෂණයෙන් තහවුරු වී තිබේ.

වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ප්‍රකාශ කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම ග්‍රාමසේවා නිලධාරි කොට්ඨාස එකසිය පහ ආශ්‍රයෙන් සිදුකළ සමීක්ෂණයේදී එම නිවෙස්වල සිටි පුද්ගලයන්ගෙන් සියයට හැත්තෑපහක් පමණ මේ වනවිට අධි තරබාරුවෙන් අත් මිදී ඇති බවය.

මෙය ඉතා හොඳ ප්‍රවණාතාවක් බවත් ක්ෂණික ආහාර භාවිතයෙන් ඉවත් වී පෝෂ්‍යදායි ආහාරවලට හුරුවීම අඛණ්ඩව සිදු කිරීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.

Aruna