Monday, October 28, 2024
Follow Us
සාරි අදින්න නම් දීමනාවක් ඕන

පහසු ඇඳුම් චක්‍රලේඛය අත්තනෝමතිකව වෙනස් කරන්න බෑ


ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

පහසු ඇඳුමකින් සැරසී කාර්යාල සඳහා සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

“රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට එන්න තියෙන අවස්ථාව පරිහරණය කිරීමට බැහැ කියනවා නම් එය පොදු තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඇඳුම් සම්බන්ධයෙන් විවිධ අයට තීරණ ගන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ක්‍රමයක් නැතිව අත්තනෝමතිකව වෙනස් වීම් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා. මේ තියෙන එක එහෙම වෙනස් කරන්න පුළුවන්කමකුත් නෑ. පැහැදිලිවම දැනට සාරිය අඳින එක කිසිම ගැටලුවක් නෑ. ඉස්සරහටත් කිසිම ප්‍රශ්නයක් නෑ. යම්කිසි විදියට බලහත්කාරයක් ආවොත් ඒ අයට දෙන්න වෙයි නිල ඇඳුම් දීමනාවක් දෙන්න වෙයි. ගුරුවරු කැමැත්තෙන් සාරිය අඳිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.”

Aruna