Monday, October 28, 2024
Follow Us
මහින්දගේ මාධ්‍ය බොරු විදලා මිනිස්සු 54ක් මරලා !

තත්ත්වයෙන් බාල කෘමි නාශක සහ වල් නාශක බෝගවලට යොදන අතරතුර ඒවා විස වීමෙන් ගොවීන් 54 දෙනකු මියගොස් ඇති බවට මෙරට ප්‍රධාන පළිබෝධනාශක වර්ග බෙදාහරින සමාගම් නියෝජිතයන් පෙන්වා දුන් බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඊයේ (22 ) නිවේදනයක් නිකුත් කරමින් හෙළිකර තිබිණි.

එම නියෝජිතයන් සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පෙරේදා (21) සවස පැවැති සාකච්ඡාවකදී මේ බව හෙලිවූ බවද එහි දක්වා තිබේ.

එම සාකච්ඡාවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රත්නවීර මහතා ද සහභාගි වී ඇතැයි පැවසේ.

තත්ත්වයෙන් බාල කෘමි නාශක සහ වල් නාශක වගාවට යෙදීමේදී ඒවා විස වීමෙන් ගොවීන් 54 දෙනකු මියගොස් ඇත්දැයි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ එය අසත්‍යයක් බවත්, තත්ත්වයෙන් බාල කෘමි නාශක සහ වල් නාශක යෙදීම නිසා වගා භූමි ප්‍රමාණයකට පමණක් හානිවී තිබෙන බවත්ය.

තත්ත්වයෙන් බාල පළිබෝධනාශක විෂ වීමෙන් මරණ සිදුවී තිබෙන බවට වාර්තා නොවන බවද ඔහු පවසා ඇත.

තත්ත්වයෙන් බාල කෘමි නාශක සහ වල් නාශක යොදා වගා කරන ලද ඉඩම් අක්කර 54 ක පමණ අස්වැන්නට හානිවූ බවට අදාළ සාකච්ඡාවේදී සමාගම් නියෝජිතයන් පැවසූ බව මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී හෙළිකර තිබේ.

මූලාශ්‍රය – අරුණ