Monday, October 28, 2024
Follow Us
 නිදහස් දිනයේ නොමිලේ යන්න එන්න පුළුවන් තැන් මෙන්න

සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 50කින් අඩුකරයි


75වන නිදහස් දිනයට සමගාමීව මහජනතාවට විශේෂ අවස්ථා කිහිපයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව නිදහස් දිනය යෙදෙන එළඹෙන වසරේ පෙබරවාරි මස 04 වනදා ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන / ස්ථාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇත.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම විශේෂ තීරණය ගෙන ඇත.

එසේම එළඹෙන වසරේ පෙබරවාරි මස 04 වනදා 75වන නිදහස් දිනයට සමගාමීව රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 50කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනා සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Aruna