Monday, October 28, 2024
Follow Us
ජනප්‍රිය කණ්ඩායමක සංගීත භාණ්ඩ විහාරමහාදේවී රංගපීඨයේදී අතුරුදන්

කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක්


මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක වටිනා සංගීත භාණ්ඩ තොගයක් විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී අතුරුදන් වී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී ඉකුත් දා සංගීත සංදර්ශනයක් පැවැති බවත්, ඊට සංගීත කණ්ඩායම් කිහිපයක් සහභාගි වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

එම සංගීත සංදර්ශනයට සහභාගි වූ ‘ඩැඩී’ නමැති ජනප්‍රිය සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ ඇතුළත් බෑගයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ වෙත දැනුම් දුන්නේය.

ඩැඩී සංගීත කණ්ඩායමේ විනෝද් ඇන්තනී එම පැමිණිල්ල කුරුඳුවත්ත පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාරගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Aruna